ආයුර්වේද රෝහල්
බස්නාහිර පළාත තුල ජනතාවගේ රෝග නිවාරණය සදහා සේවා සපයන
ප්‍රධාන ආයතන ව්‍යුහය ලෙස ආයුර්වේද රෝහල් හැදින්විය හැකිය
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවය
රෝග ඇතිවීම වලක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීමට කැපවූ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවය මේ වන විට දිවයින පුරා සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
ඒ හරහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන මගින් ඉටු කරන ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටියි.
ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා
ජනතාව සදහා බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 03 ආවරණය වන පරිදි ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලා 19ක් පිහිටා ඇත.