ග්‍රාමීය ආයුර්වේද රෝහල - කැස්බෑව
සිතියම
තොරතුරු
ලිපිනය :

රජයේ ග්‍රාමීය ආයුර්වේද රෝහල
කැස්බෑව

දුරකථන :

0112702020

විද්‍යුත් තැපැල

වැදගත් සබැදියන්
ප්‍රාදේශීයලේකම් කාර්යාලය
රෝහල් ඉතිහාසය
             
වසර 150ක් පමණ පැරණි ජබුරලිය කනිෂ්ඨ විද්‍යාලය වැසී යාමෙන් පසුව එම ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්යංශය යටතට පවරා ගැනීමෙන් පසු 1989-06-23 දින ගාමිණි ලොකුගේ මහතාගේ ආරාධනයෙන් ගරු සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනි රේණුකා හේරත් රණවීර මැතිනිය විසින් කැස්බෑව ග්‍රාමීය ආයුර්වේද රෝහල ආරම්භ කරන ලදී.
එවකට දේශීය වෛද්‍ය රාජ්‍ය ලේකම් පි.බී. වේරගොඩ මැතිතුමාද ආයුර්වේද කොමසාරිස් ලෝ සුගුනදාස මැතිතුමාද එම අවස්ථාවට සහභාගී වී ඇත.
ආරම්භයේදී සිංහල උළු සෙවිලි  කරන ලද ගොඩනැගිලි තුනකින් මෙම රෝහල සමන්විතව තිබී ඇති අතර අඩන 10කින් යුත් ගැහැණු වාට්ටුවක්ද අඩන 17කින් යුත් පිරිමි වාට්ටුවක්ද බාහිර රෝගී අංශය හා ඖෂධ ගබඩාව යන අංග වලින් යුක්තව ඇත.
රෝහල ආරම්භ කරන වකවානුවේදී වෛද්‍ය මානෙල් වික්‍රමාරච්චි මහත්මිය (1989-1991)කාර්යභාර වෛද්‍ය නිලධාරි ලෙස කටයුතු කර ඇත.
රෝහලේ ඉදි කර ඇති පැරණි බුදු මදුර ජබුරලිය කනිෂ්ඨ විද්‍යාලය පැවති කාලයෙදී ලීල් ගුණසේකර මැතිතුමා විසින් සාදවා පසුව රෝහලට පරිත්‍යාග කරන ලද්දකි.
ආරම්භයේ සිට වර්තමානය දක්වා සේවය කල වෛද්‍ය නිලධාරින් හෙදියන්, උපස්ථායකයින් කා කම්කරු මහත්ම මහත්මීන් සියලු දෙනාම ඉතා කැපවීමෙන් තම සේවය රෝහලට ලබා දීමෙන් කැස්බෑව ග්‍රාමීය ආයුර්වේද රෝහල වර්තමාන තත්වය දක්වා දියුණු වේ ඇත.
හෙද නිලධාරිනි එස්. ශ්‍රියා පද්මලතා මහත්මිය 1991 ආරම්භක හෙද නිලධාරිනියයි ඉන්පසු පිලිවෙලින් ඒ.ඩී. චිත්‍රා මහත්මිය (1993-1997)  කේ. ගුණවතී මහත්මිය, හෙද නිලධාරින් ලෙස තම සේවය රෝහලට ලබා දී ඇත.වර්තමානයේදී 2-2018 සිට W.G.K. ගුණවර්ධන මහත්මිය හෙද තනතුරෙහි සේවය කරයි.
දැනට රෝහලේ ඇති බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ගරු හිටපු පළාත් සභා මන්ත්රිනි මහත්මියගේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ඉදිකර ඇත. එම ගොඩනැගිල්ල 2010 වර්ෂයේ මාර්තු 05 දින ගරු බස්නාහිර පළාත් සෞඛ්‍ය  ඇමති ජගත් අංගගේ මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී.

රෝහල ආරම්භයේ සිට සේවය කල කාර්ය භාර වෛද්‍ය නිලධාරි මහත්ම/මහත්මීන්ගේ නාම ලේඛනය
1988-1981 වෛද්‍ය මානෙල්  වික්‍රමාරච්චි මහත්මිය
1991- 2011 වෛද්‍ය වී. විමලාවතී
2011- 2012 වෛද්‍ය ඩබ්. එම්. නන්දා ධර්මගුණවර්ධන
2012 – 2018 වෛද්‍ය ජගත් රුහුණගේ
2018 -        වෛද්‍ය මංජුල පෙරේරා
2019           වෛද්‍ය පී. ජයකොඩි මිය


විශේෂ ප්‍රතිකාර සේවාවන්
.
පංච කර්මරතිකාර ඒකකය
රක්ත මොක්ෂණ, වමන, විරේචන, නස්‍ය, වස්ති යන පංච කර්ම ප්‍රතිකාර මෙන්ම ශිරෝ ධාරා , ශිරෝ වසති, කටි වස්ති,ශිර්ෂ අභ්‍යන්ග ආදී විශේෂ ප්‍රතිකාර ක්‍රමද පවත්වාගෙන යනු ලැබේ.


එක්දින ඒකකය
තිව්‍ර රෝග අවස්ථාවන් සදහා ක්ෂණික සහනයක් ලබා දිමේ අරමුණින් නාඩි ස්වේද , තෛල අභ්‍යංග ප්‍රතිකාර , පත්තු සහ තෙල් බැදිම වැනි ප්‍රතිකාරත් රූපලාවන්‍ය සත්කාරත් මෙම එ්කකය මගින් සිදු කරනු ලබයි.අදාල ප්‍රතිකාරය ලබා දි පැය පමන කාලයකින් පසු රෝගියා මුදාහරිනු ලැබේ.

මුල් පිටුව

ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත