ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය - වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
හැදින්වීම
කළුගංතොට තුළ ජනප්රසාදී සේවා සැපයීමේ විශිෂ්ඨතම නියමුවා බවට පත්වීමේ දැක්ම පෙරදැරිව 1992 වර්ෂයේ සිට පරිපාලන ඒකකයක් ලෙස සක්‍රීයව බල ගැන්වුණු වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ග්‍රාම නිලධාරී වසම් 60 කින් සමන්විත වන අතර එහි 60,000 පමණ ජනගහනයක් වෙසෙති. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පලාතට මායිම්ව පවතින සොබා සෞන්දර්යයෙන් පොහොසත් ප්රදේශයකි. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් මෙහි ජනතාවට වඩාත් ඵලදායි, සුහදශීලී සේවාවක් ඉටු කිරීම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අරමුණයි. දැනට සති සායනය සෑම බ්‍රහස්පතින්දා දිනකම යගිරල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මීට අමතරව බෝ නොවන රෝග වැඩසටහන්, යෝග වැඩසටහන්, ඔසු උයන්, බෝ වන රෝග වැලැක්වීම, මාතෘ හා පෝෂණ වැඩසටහන්, සංරක්ෂණ සබා වැඩසටහන්, සුව පියස වැඩසටහන්, ජංගම හා ස්ථිර සායන හා ජාත්‍යන්තර හා ජාතික දින වැඩසටහන් සදහා ද අපගේ දායකත්වය ලබා දෙනු ලැබේ.
සායන
දිනය |
ස්ථානය |
විස්තර |
බ්‍රහස්පතින්දා |
යගිරල ආයුර්වේද ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය |
සති සායනය |
ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත